ඒ ගම්මැද්ද තවත් ප්‍රජා සත්කාරයක් ලෙසය.
ආනඩුව මූලික රෝහල පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි රෝගීන් රැසකගේ දිවි බේරා ගැනීමට දායක වන රෝහලකි.
ආනමඩුව ඇතුළු ප්‍රදේශ ගණනාවක රෝගීන් 400ත් 500ත් අතර සංඛ්‍යාවක් දෛනිකව මේ රෝහලට පැමිණෙන්නේ ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණිනි.
නමුත් රෝහලේ අඩුපාඩු රැසක් පවතී.
වකුගඩු රෝගය වැළඳුණු ප්‍රදේශයේ රෝගීන් රැසක් මෙම රෝහලට පැමිණෙන්නේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහායි.
නමුත් මේ රෝහලේ ඒ සඳහා ඉඩ කඩ ඉතා අවමයි
ආනමඩුව මූලික රෝහලේ වෛද්‍ය නිලධාරීතුමන් ගම්මැද්ට මේ ගැන කිව්වා
මේ අඩුපාඩුව හඳුනා ගත් ගම්මැද්ද කණ්ඩායම කඩිනමින් ක්‍රියාත්මක වී රුධිර කාන්දුකරණ ඒකක ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමටත්, වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැත ජල පෙරණ පද්ධතිය සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල ඉදිකිරීමට මුල් ගල් තැබීමටත් පියවර ගත්තේය.
ඒ 2024 ජූනි 19 වෙනිදායි.
නෙක්ස්ට් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම ව්‍යාපෘතිය සදහා මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නේය.
එම ව්‍යාපෘති අද(24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණේ සුවහසක් රෝගීන්ට පිහිටක් වෙමිනි
එම අවස්ථාවට කැපිටල් මහාරාජා සමූහයේ සමූහ අධ්යක්ෂ ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියෙල් මහතා,නෙක්ස්ට් මැනුෆැක්චරින් පුද්ගලික සමාගම නිෂ්පාදන අධ්යක්ෂ ඩෙවිඩ් රේ, ආණමඩුව ප්‍රදේශීය ලේකම් නිර්මලා විජේතුංග , වයඹ පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික වික්‍රමසිංහ, ආනමඩුව මූලික රෝහලේ ස්ථාන භාර වෛද්‍ය අධිකාරී වෛද්‍ය ලසන්ත ලියනගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මේ ව්‍යාපෘතියටත් සුපුරුදු පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය වගේම පොලීසියේ සහයෝගයත් ලැබුණා.
ජාතික මෙහෙවරක් ඉටු කරන ආනමඩුව රෝහල වෙනුවෙන් ඉටු කරපු මේ සත්කාරය ගැන ගම්මැද්දට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයකි.