ඒ ගම්මැද්ද තවත් ප්‍රජා සත්කාරයක් ලෙසයි.
ආනමඩුව මූලික රෝහල පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි රෝගීන් රැසකගේ දිවි බේරා ගැනීමට දායක වන රෝහලකි.
ආනමඩුව ඇතුළු ප්‍රදේශ ගණනාවක රෝගීන් 400 - 500 අතර සංඛ්‍යාවක් දෛනිකව මේ රෝහලට පැමිණෙන්නේ ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින්.
නමුත් රෝහලේ අඩුපාඩු රැසක් පවතී
වකුගඩු රෝගය වැළඳුණු ප්‍රදේශයේ රෝගීන් රැසක් මෙම රෝහලට පැමිණෙන්නේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා නමුත් මේ රෝහලේ ඒ සඳහා ඊට ඉඩකඩ ඉතා අවමයි.
ඒ අනුව නව රුධිර කාන්දුකරණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ගොඩනැගිල්ල නවීකරණය කිරීමත් වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රතිආශ්‍රැත ජල පෙරණ පද්ධතිය සඳහා අවශ්‍ය ගොඩනැගිල්ල ඉදිකිරීමත් ගම්මැද්දෙන් සිදු කෙරිණි.
ඒ ආනමඩුව මූලික රෝහලේ වෛද්‍ය නිලධාරීතුමන් ගම්මැද්දෙන් කළ ඉල්ලීමකට අනුවයි.
එම ව්‍යාපෘති අද(24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කිරිමට නියමිතයි.