COLOMBO (News 1st) - මිනිස්සු ගත කරන ජීවිතේ ගැන හොයන්න බලන්න, කතා කරන්න, අදත් ගම්මැද්ද කණ්ඩායම් ගෙයින් ගෙට ගියා.
නිවාස ප්රශ්නේ ගැන හොඳින්ම දන්නේ කොළඹ මිනිස්සු.
එක ගෙදර පවුල් දෙක තුනක් ජීවත් වෙනව, තිඹිරිගස්යායේ කොළඹගේ මාවතේ.
ගම්මැද්ද කණ්ඩායම අද ගෙයින් ගෙට යද්දි ඒ මිනිස්සු තමන්ට තියන ප්රශ්න ගැන කිව්වා.
ගෙවල් ඉස්සරහ තියන කාණු පද්ධති අවහිරවෙලා සුළු වැස්සකටත් යට වෙන්නේ ජීවිතේම එපා කරවමින්.
ඒ අස්සෙ, ඩෙංගු රෝගයත් මතුවෙනවා.
ගෙයින් ගෙට කණ්ඩායම, නුගේගොඩ - නාගහවත්තටත් ගියා.
ඔවුන්ට තියන්නේ කුණු වෙච්ච ප්රශ්නයක්.
සුන්දර සැප පහසු ජීවිතයක් කියන්නෙ හීනයක් විතරයි.
වව්නියාවේ තාලිකුලම් ගම්මානයට ගම්මැද්ද කණ්ඩායම ගියේ කැඩිච්ච පාරක් දිගේ.
පාර වගේම කැඩුණු තමන්ගේ ජීවිත ගැනත් මිනිස්සු කිව්වා.
මේ අතර සමන්තුරේ ඉදලා - කුඩුවිල් දක්වා යන ප්රධාන පාරේ, නයිනකාඩු ප්රදේශයේ කොටසක් වැස්සට කඩාගෙන ගිහින් දැන් අවුරුද්දක්.
සුවපහසු දිවි පෙවෙතක් අපට කවදා උරුම වෙයිද කියලයි මේ මිනිස්සු අහන්නෙ.
ගම්මැද්ද අම්පාරේ කණ්ඩායම අද අඩ්ඩාලච්චේන - අශ්රොෆ් නගර්, නොරොච්චෝලේ ගම්මානවලත් ගෙයින් ගෙට ගියා.
මේ සීගිරිය නව නගරය..
සංචාරකයෝ ලස්සන බලන්න දුවගෙන ආවට, මේ මිනිස්සු ඉන්නෙ එච්චර ලස්සන ලෝකෙක නෙවෙයි.
දඹුල්ල, ගලවැටිය ඇතුළු ගම්මානවල ජනතාව හමුවෙලා කථාබහ කරන අතරේ, පේරාදෙණි සරසවි සිසුන් මේ දත්ත සියල්ල සටහන් කරතගත්තා.
මිනිස්සු ළඟටම ගිහින් ඔවුන්ට සවන් දෙන ගම්මැද්ද ගෙයින් ගෙට ක්රියාන්විතය හෙට සූදානම්, 16 වෙනි දවස පටන්ගන්න.