අග්‍රාමාත්‍යවරිය මෙම නඩුව පවරා ඇත්තේ 2024 ජනාධිපතිවරණ රැළියක් අතරතුර තිස්ස අත්තනායක මහතා කළ බව කියන අසත්‍ය ප්‍රකාශයකට එරෙහිවයි.
ජාතික ජන බලවේගය රජයක් පිහිටුවූ පසු ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීම නතර කරන බවට තමන් ප්‍රකාශ කළේ යැයි අත්තනායක මහතා සඳහන් කර ඇති බවත්, තමන්ට සිදුකළ අපහාසයට රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් අය කර දෙන ලෙසත් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා තිබේ.
පිළිතුරු ගොනු කිරීම සඳහා තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අමතර කාලයක් ඉල්ලා සිටි අතර, 2025 ජුනි මස 03 වැනි දිනට පෙර පිළිතුරු ගොනු කරන ලෙස අධිකරණය නියෝග කළේ ය.