ෆිච් රේටිංග්ස් ඔසවා දැමූ අපේ බැංකු...

ෆිච් රේටිංග්ස් ඔසවා දැමූ අපේ බැංකු...

by Staff writer 22-01-2025 | 9:34 PM

COLOMBO (News 1st) - අමෙරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ බැංකු 10 ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා තිබේ.

ඒ, මෑතකදී සිදු කරන ලද ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම සහ ශ්‍රී ලංකා ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය නැවත ක්‍රමාංකනය කිරීමෙන් පසුවයි.

ෆිච් රේටිංග්ස් ආයතනය පසුගිය දෙසැම්බරයේදී ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම, ආර්ඩී මට්ටමේ සිට සීසීසී ප්ලස් දක්වා ඉහළ දැමීමට පියවර ගත්තේ ය.