COLOMBO (News 1st) - මෙවර වාහන ආනයනයේදී පර්මිට් සඳහා වාහන ආනයනයට අවස්ථාව නොලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පර්මිට් සඳහා වෙනත් ක්රමවේදයක් ඉදිරියේදී යොදන බව ජනාධිතිවරයා සඳහන් කළේය.
2018 වසරේ වාහන ආනයනයේදී වැඩිම ප්රමාණයක් ඩොලර් වියදම් වී ඇත්තේ පර්මිට් වාහන ආනයනය කිරීමෙන් බව ද ජනාධපතිවරයා අවධාරණය කළේය.
ඒ අනුව 2018 වසරේදී ඩොලර් බිලියන 1.95ක පමණ වාහන ආනයනය කර තිබෙන බවත් 2019 වසරේදී ඩොලර් බිලියන 1.4ක වාහන ආනයනය කර තිබෙන බවත් ඒ අනුව මේ සූදානම් වන්නේ වසර 5කට පමන පසු යළි වාහන ආනයනය කිරීමට බව ජනාධිපතිවරයා පවසයි.
ආනයනය කරන වාහන සහ මේ වනවිට භාවිත කරන වාහන අතර ආසන්න අගයක මිල වෙනසක්කමක් පැවතියහොත් වෙළඳපොළ තුළ යම් අර්බුදයක් නිර්මාණය වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එම නිසා එවැනි අර්බුදයක් නිර්මාණය නොවන ලෙස වාහන ආනයනය කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ, සිරස ටී.වී. සටන දේශපාලන වැඩසටහනට ඊයේ රාත්රීයේ එක්වෙමිනි.