.webp)
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ,සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
මේ අතර, මහා පරිමාණ ජලාශ 56 ක් තවදුරටත් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
රාජාංගනය, සේනානායක සමුද්‍රය,පදවිය,කවුඩුල්ල,මින්නේරිය රූගම් , ලුණුගම්වෙහෙර ඇතුළු ජාලශ රැසක් ඒ අතර වේ.
මීට අමතරව මධ්‍ය පරිමාණ ජලාශ 60කට අධික සංඛ්‍යාවක්ද මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
වර්ෂාවත් සමග මල්වතු ඔය තන්තිරිමලේ ප්‍රදේශයෙන් තවදුරටත් පවතින්නේ මහ ගංවතුර මට්ටමේය.
යාන් ඔය හොරව්පතාන ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින අතර මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් අවදානම් මට්ටමේ පවතියි.