COLOMBO (News 1st) - අධික වැසි සමග ඇති වූ ආපදාවලින් දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 6797ක පුද්ගලයින් 20333 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව ඇති බවයි.
ආපදාවලින් මියගිය ගණන 02 කි.
තුන්දෙනෙක් තුවලා ලබා ඇත.
සුරක්ෂිතතා මධ්‍යස්ථාන 18ක රඳවා සිටින පුද්ගලයින් ගණන 686කි.
මල්වතු ඔය තවදුරටත් පවතින්නේ, මහ ගංවතුර මට්ටමේ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාං ඔය සහ කලා ඔය ගංවතුර මට්ටමේ පවතින බවයි.
මල්වතු ඔය පිටාර ගැලීමෙන් අනුරාධපුර විජයපුර ප්‍රදේශය ජලයෙන් යටවිය.
පොළොන්නරුව කදුරුවෙල බටතුන හරහා ඕනෑගම දක්වා දිවෙන මාර්ගය මේ වන විට ජලයෙන් යටව පවති.
අනුරාධපුර, හුරිගස්සෑව සිට කටියාව දක්වා ගමන් ගන්නා මාර්ගය හුරිගස්සෑව පාලම අසළින් ජලයෙන් යටව පවතින්නේ දින ගණනාවක සිටයි.
අධික වර්ෂාවත් සමග වසා දමා තිබූ මාර්ග කිහිපයක් අද යළි ධාවනයට විවෘත කළේ ය.
මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය යළි වාහන ධාවනයට විවෘත කළේ උදෑසන 6.00 සිටයි.
මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේ සිට වසා දැමුණේ, මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙනි.
පොලීසිය පැවසුවේ, පවතින අවදානම සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලන්නැයි, මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම්දී ඇති බවයි.
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වසා දමා ඇති ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා කොටස බර වාහන ධාවන සඳහා විවෘත කෙරුණි.
ඒ, උදෑසන 7.00 සිටයි.
සැහැල්ලු වාහන ධාවනය තවදුරටත් සීමා කර තිබේ.
පැවැති අධික වැසි තත්ත්වය අද දිනයෙන් පසුව ක්‍රමයෙන් පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, එහෙත් දින කිහිපයක් සුළු වැසි සහිත තත්ත්වය තවදුරටත් පැවැතිය හැකි බවයි.
අද නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලත් මාතලේ නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්.
උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි.