වැස්ස දවසට මේ ගම්මුන්ට මාඔයෙන් එගොඩ වෙන්න විදියක් නෑ.
මේ ඒදණ්ඩේ යන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා.
ගම්වැසියෙක්
''මේ පාලමෙන් තමයි ගමේ කට්ටිය එගොඩ මෙගොඩ යන්නේ. ගමේ මිනිස්සු තමයි වත්තේවැඩට ගියේ. අපි හරක් බඳින්න වල් කපන්න යනවා. ගෙවල් වලට යනවා.''
වගා කරගත්තු දෙයක් පවා විකුණගන්න වෙන්නේ කුණු කොල්ලෙට..
ගම්වැසියෙක්
''මුල ඉඳන්ම අපි ගොවිතැන් තමා කරන්නේ. අතරමැදියා තමයි මේකෙන් හම්බු කොරන්නේ පොහොර ටික කලට වෙලාවට ලැබෙන්නේ නෑ වනසතුන්ගෙනුත් ඒ වගේ තමයි ''
ගම්වැසියෙක්
'' ඒ කට්ටිය කියන මිලට දීල එන්න ඕනේ''
ගම්වැසියෙක්
''එළවළු ලොරියක් දඹුල්ලට යන රුපියල් 400ක් 450ක් වගේ එනවා එහෙම බලපුවහම අපිට අන්තිමට මිලක් නැති උනහම කිසි දිනක් නැති වෙනව කැරට් රුපියල් 800යි කියනවා කොළඹ අපි අරන් ගියාම 100 යි 150 යි''
මේ මිනිස්සු හමුවුණේ ගම්මැද්ද කණ්ඩායම මහනුවර දිස්ත්‍රික්කයේ ගම්මානවල ගෙයින් ගෙට යද්දියි.
හඟුරන්කෙත, දියතිලකපුර, දියඋඩගම, වැවතැන්න, පල්ලේබෝවල, ගනේමංකඩ ගම්මානවලදිත් ඔවුන් ජනතාව හමුවුණා.
දැන් කියන්නෙ තලෛමන්නාරමට ගිය කණ්ඩායම එවපු විස්තරයක්.
රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල, 1 ඉඳන් 5 වෙනකම් පන්තිවල ළමයි 200ක් ඉගෙන ගන්නවා.
වතුර ප්‍රශ්නෙ නිසා විඳින්නේ දැඩි පීඩාවක්.
ගම්මු ගෙයින් ගෙට කණ්ඩායම එක්ක කතාබහ කරමින් තමන් ගෙවන ජීවිතේ ගැන කිව්වා.
ඔවුන්ට සමු දීල ගියේ තොඩ්ඩවේලි, ඌර්මනෙයි ඇතුලු ප්රදේශවලෙ ජනතාව හමුවෙන්න.
පවුල් 200ක් සහිත, කුරුලුගම්මානය තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ.
කුමන ජාතික වනෝද්‍යාන මායිමේ තියන මේ ගමට, කුමන සංවර්ධනයක්වත් ඇවිල්ල නෑ.
ගොවිතැන් සියල්ල අඩපණ කරමින් වැස්ස කාලෙට ගම්බිම් සියල්ල ජලයෙන් යටවෙනවා කියලයි ගම්මු කියන්නේ.
අම්පාරේ පානම ශාස්ත්රවෙල ගම්මානයටත් ගම්මැද්ද කණ්ඩායම ගියේ පේරාදෙණි සරසවි සිසුනුත් එක්ක.
2009 නැවත පදිංචි කරවූ ගම්මානයක්.
විදුලිය ජලය සනීපාරක්ෂක පහසුකම් කිසිවක් නෑ.
ගම්පහ වලහේන ගම්මානයේ ජනතාව මුහුණ දෙන්නේ වෙනස් ගැටලුවකට.
වැස්ස දවසට වලහේන ඇළ උතුරනවා.
ඊට පස්සේ ගෙවල් යට වෙනවා.
ළිං අපිරිසිදු වෙනවා.
පවුල් 60 ක් අසරණයි.
හරියට සෙවිල්ලක් බැලිල්ලක් නෑ.
ගම්මු ඉල්ලන්නේ වෙන තැන්වල නැවත පදිංචි කරන්න කියලා.
මාබිම, හෙයියන්තුඩුව ඇතුළු ගම්මානවලදිත් ඔවුන් ජනතාව හමුවී ඇහුම්කන් දුන්නා.
හඬක් නැති ඔබට හඩක් වෙමින් ගම්මැද්ද හෙටත් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි