දුම්රිය E Ticket මාෆියාව ගැන CIDය පරීක්ෂණ අරඹයි

දුම්රිය E Ticket මාෆියාව ගැන CIDය පරීක්ෂණ අරඹයි

by Staff writer 20-01-2025 | 11:01 PM

COLOMBO (News 1st) -  ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත්‍ර ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) දැනුම් දුන්නේ ය.

ඒ, දුම්රිය දෙපාර්තමේන්තුව, දුරකතන සමාගමක් සමග එක්ව නිකුත් කරන ඔන්ලයින් ආසන වෙන් කිරීමේ ටිකට්පත් ක්ෂණිකව මිලදී ගෙන, ඒවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

ඒ පිළිබඳ කඩිනම් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියට වැඩිදුරටත් දැනුම් දුන්නා.