COLOMBO (News 1st) -
අමෙරිකානු තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තිය අදයි.
අධික ශීත කාලගුණය හේතුවෙන් පදවිප්‍රාප්ති උත්සවය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඒ වොෂින්ටන් නුවර දී ය.
අමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ පදවිප්‍රාප්ති උත්සවය සාම්ප්‍රදායිකව පැවැත්වෙන්නේ ඇමරිකානු පාර්ලිමේන්තුව වන කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටදී ය.
නමුත් මේ දිනවල පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් එය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.
අමරිකානු ජනාධිපතිවරයෙකුගේ පදවි ප්රාප්ති උත්සවයක් මෙලෙස ගෘහස්තව පැවැත් වෙන්නේ වසර 40කට පසුවයි.
මේ අනුව උත්සවය පැවැත්වෙන්නේ වොෂින්ටන් හි කැපිටල් වන් අරීනා ගොඩනැගිල්ලේදී ය.
එහි 20 000 කට අසුන් ගත හැකි බව විදෙස් වාර්තාවල සඳහන් ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිවුරුම් දෙන්නේ අමරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙසයි.
දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ඉදිරි වසර හතර සඳහා සිය සැලසුම් ඉදිරිපත් කිරීමට නියමිත ය.
උප ජනාධිපති ලෙස තේරී පත් වූ JD Vance දිවුරුම් දෙන්නේ ඉන් අනතුරුවයි.
පදවි ප්රාප්තියෙන් අනතුරුව කැපිටල් වන් අරීනා ඉදිරිපිට දී මේක් ඇමෙරිකා ග්‍රේට් අගේන් වික්ටරි රැලී' නම් ජයග්‍රාහී රැළියක් පැවැත්වීමට ද නියමිතව ය.
ඉන් අනතුරුව ඔහු සිය ආධාරකරුවන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කෙසේ වෙතත් පෙන්සල්වේනියාහිදී හමුදා වාදන කණ්ඩායම්, පාසල් තූර්යවාදක කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබූ රැලි ද අවලංගු කර තිබේ.
පදවි ප්‍රාප්තියට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ වොෂින්ටන් ඩීසී හී රැළියකට එක් විය.
එම රැළිය අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ බයිඩන් පරිපාලනයේ සියළු රැඩිකල් හා අඥාණ විධායක නියෝගය තමා දිවුරුම් දී පැය කිහිපයක් ඇතුළත අවලංගු කරන බවයි.
ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ගැනීමට නියමිත විධායක තීරණ කිහිපයක් පිළිබඳවත් ඔහු එහිදී අදහස් පළ කළේ ය.
කවුද මේ අද සිට අමෙරිකාව පාලනය කරන්න යන ට්‍රම්ප්.
ට්‍රම්ප් පළමු වතාවට නෙමෙයි අමරිකාවේ ජනාධිපති වෙන්නේ.
ට්‍රම්ප් දක්ෂ ව්‍යාපාරිකයෙකි.
ට්‍රම්ප්ගේ දේශපාලන ජීවිතය ආරම්භ වෙන්නේ, 2000 වර්ෂයේදී ය.
ඉන්පසුව 2015 ජුනි මාසයේදී ට්‍රම්ප් රිපබ්ලිකානුවෙකු ලෙස ජනාධිපති අපේක්ෂකත්වයට පත් විය.
සංක්‍රමණ ප්‍රතිසංස්කරණ, ආර්ථික සහ නීතිය හා සාමය කෙරෙහි අවධානය ඔහු වැඩි අවධානයක් යොමු කළේ ය.
ඔහුගේ පළමු ජනාධිපතිවරණ ප්රචාරක තේමාව වුණෙත් MAKE AMARICA GREAT AGAIN
පසුව 2016 වර්ෂයේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළේ ය.
2017 ජනවාරි 20 වන දින අමරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් වැඩ භාර ගත්තේ ය.
ඔහු ධූරයෙන් ඉවත් වන විට මතභේදාත්මක ප්‍රතිපත්ති සහ ක්‍රියා කිහිපයක් කෙරෙහි අමරිකානුවන්ගේ අප්‍රසාදය ඇති වූ බව විදෙස් වාර්තා වල දැක්වෙයි.
ආර්ථික ප්‍රතිපත්ති, ආගමන සහ දේශසීමා ආරක්ෂාව, ඔහුට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය, Covid-19 වසංගතය, යන හේතුන් නිසා ඔහුට ජනතාවගේ තිබූ ප්‍රසාදය තරමක් අඩු විය.
අමරිකානු ඉතිහාසයේ දෝෂාභියෝග දෙකක් ඉරිපත් වූ පළමු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
2021 ජනාධිපතිවරණයට තරග කළ ට්‍රම්ප් සහ ජෝ බයිඩන් අතරින් ජෝ බයිඩන්ට ජය හිමි වන්නේ, ඉහත කරුණ නිසා බව විදෙස් වාර්තා වල දැක්වෙයි.
කෙසේ නමුත් අද සිට අමරිකාවේ පාලනය යළි ට්‍රම්ප් අතට හිමි වෙයි.
ඒ පිළිබඳව ලෝකයම ඉන්නේ අවදානයෙන් ය.