පොලීසිය සඳහන් කළේ, ඉන් තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
ඔවුන් මේ වන විට ප්රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇත.
තුවාල ලැබූවන් අතර විදෙස් ජාතිකයෙකුද වන බව සඳහන්.
පොලීසිය පැවසුවේ කාන්තාවන් 30 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
මාතර සිට තංගල්ල දෙසට ධාවනය වූ මගී ප්රවාහන බස් රථයක් සහ ඇඹිලිපිටියේ සිට මාතර දෙසට ධාවනය වු මගී ප්රවාහන බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි,
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්රියාත්මක වේ.