ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ , අධික වැසි සමග ඇතිවු ආපදාවලින් අනුරාධපුර, කිලිනොච්චිය, කුරුණෑගල, නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල වී ඇති බවයි
එම දිස්ත්‍රික්කවල පවුල් 325 කට අයත් පුද්ගලයින් 910 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
ආපදා හේතුවෙන් පවුල් 9කට අයත් පුද්ගලයින් 46 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ හදිසි ආපදා තත්ත්වය සඳහා මුහුණ දීමට ත්‍රිවිධ හමුදා කණ්ඩායම් සූදානම් කර ඇති බවයි.
මේ අතර අධික වැසි සමග මුන්දේනි ආරු ,මල්වතු ඔය සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මුන්දෙනි ආරු ද්‍රෝණියේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔයට සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු හා කෝරලෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.
මල්වතු ඔයේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලවෙඩ්ඩිකුලම්, මඩු, මූසාලෛයි සහ නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෙවලට ද ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යෑමත් සමග දිඹුලාගල, එච්චලම්පට්ටෙයි,හිඟුරක්ගොඩ,කන්තලේ,කින්නියා,කෝරලේපත්තු උතුර,ලංකාපුර,මැදිරිගිරිය,මුතූර්,සේරුවිල,තමන්කඩුව ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ද ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
මේ අතර, අධික වැසි සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් සෝමාවතිය -සුංගාවිල මාර්ගය 36 කණුව ප්‍රදේශයෙන් අඩි තුනහමාරක් පමණ ජලයෙන් යටව පවතී.
පොලීසිය සඳහන් කළේ, ඒ හේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි.
කලා වැවේ ජලය කලාඔයට මුදා හැරීම හේතුවෙන්, අවුකන සිට කැකිරාව දක්වා ගමන් ගන්නා මාර්ගය අවුකන විහාරස්ථානය අසලින් අවහිර වී ඇති බව සඳහන්.
මේ අතර, ඇදහැළෙන වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ 73 න් ජලාශ 54 ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඉංජිනේරු පී එස් .ඩී හේරත් මහතා පැවසුවේය.
අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 4 කට නැයයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ මහනුවර , බදුල්ල, මහනුවර, කුරුනෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් , මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත,උකුවෙල, රත්තොට සහ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාත් අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
මේ අතර ගතවු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ත්‍රිකුණාමලයෙන් වාර්තා වේ.
එම අගය මිලිමීටර් 178 ක්.
උල්හිටිය ප්‍රදේශයෙන් වාර්තාවන වර්ෂාපතන අගය මිලිමීටර් 172 ක්.
මේ අතර තද වැසි පිළිබඳව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ පවතින ඊසාන දිග මෝසම් තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙන්.
කාර්යේ නියුතු කාළගුණ විද්‍යාඥ ශ්‍රිමාල් හේරත් මහතා පැවසුවේ උතුරු මැද ,ඌව සහ නැගෙනහිර පළාත්ෙවලත් මන්නාරම ,වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාෙවලට මිලිමීටර් 150 ට වැඩි වැසි ඇති වන බවයි.