ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී එය දීර්ඝ කළ බවයි.
චීන යුවාන් බිලියන 10ක මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව මෙම ගිවිසුමෙන් නිරූපණය කරන බව අදාළ නිවේදනයෙන් සඳහන් වේ.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ අතර චීන මහජන බැංකුව වෙනුවෙන් එහි අධිපති පැන් ගොන්‍ශෙන් මහතා ඊට අත්සන් තබා ඇත.