ඒ දුක දන්නේ ඒ අත්දැකීම ලබපු අය විතරයි.
කෑගල්ල, මාලිබොඩ වතු නිවාස සංකීර්ණය මුල්ගල තියලා තියන්නේ 2021 මාර්තු මාසේ.
රුපියල් මිලියන 340ක් වියදම් කරලා නිවාස 170ක් හදලා දෙන්න රජයෙන් පොරොන්දු වුණා.
මාස 12කින් වැඩ අවසන් කරන්න හිටපු ව්‍යාපෘතිය නැවතිලා දැන් අවුරුදු 02කටත් වැඩියි.
නිවාස සංකීර්ණයක ඉන්න හීන දැකපු පවුල් 230 මිනිස්සු පුරුදු විදිහටම තාම ඉන්නේ ලයිම් කාමරවල.
පවුල් දෙක තුනක එක ගෙදරක ඉන්නවා ඒ මිනිස්සුන්ට ටොයිලට් පහසුකම් වතුර එහෙම ගොඩාක් අඩුපාඩු තියනවා.
මේ ව්‍යාපෘතිය ඉක්මන් කරලා හදලා ඒ මිනිස්සුන්ට සහනයක් දෙන්න කියලා තමයි ගම්මු ඉල්ලා සිටින්නේ.
මේ මිනිස්සු හමුවුණේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගෙයින් ගෙට ගිය ගම්මැද්ද කණ්ඩායමටයි.
ඔවුන් අද(18) ඔරුපීල්ලෙ, පල්ලෙබාගේ ඇතුළු ගම්මාන රැසක ජනතාවත් හමුවුණා.
මේ අතර කිලිනොච්චියේ කණ්ඩායම අද(18) උදෙන්ම ගියේ රංගන්කුඩිඉරිප්පු ගමට.
වගා කරලා ජීවත් වන මේ අයටත් අලින්ගෙන් ප්‍රශ්න.
කිලිනොච්චි මයිල්වාහනපුරම්, කොලොන්දුපිලව්, අරිවියල්නගර් ගම්මානවල ජනතාවත් ගම්මැද්ද කණ්ඩායම එක්ක කතා කළා.
හම්බන්තොට කණ්ඩායම අද(18) උදෙන්ම මෝදරපැලැස්ස ගමට ගියා.
මෝය කට අවහිර වෙලා මුහුදු වතුර ගඟ දිගේ එනවා.
වගා කටයුතු අතරමග නැවතිලා.
අද ගෙයින් ගෙට යන ගමනේදී සිතුඅසිරිගම, සෙන්පතිමහාසෝනගම ජනතාවත් හමුවුණා.
පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම අද(18) වැලිකන්දේ සඳුන්පිටිය ගමටත් ගියා.
ගමට යන්න තියන මාර්ගය වැහි දාට වාරි මාර්ගයක්.
ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම කලහගල, පරාක්‍රම සමුද්ර්ය ඇතුළු ගම්මානවල ජනතාවටත් සවන් දුන්නා.
මිනිසුන් ළඟටම ගිහින් ඔවුන්ට ඇහුම්කම් දෙන ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයේ 11 වෙනි දවස හෙට.