අමෙරිකාවේ TikToKවලට මොකද වෙන්නේ..?

අමෙරිකාවේ TikToKවලට මොකද වෙන්නේ..?

by Staff writer 18-01-2025 | 12:41 PM

හෙට(19) සිට අමෙරිකාවේ TikTok අක්‍රිය විය හැකි බව TikTok සමාගම පවසයි.

ඒ, ජෝ බයිඩන් පාලනය විසින් Tiktok තහනම ඉවත් කිරීමට කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් ය.

රජයේ තීරණයට එරෙහිව Tiktok සමාගම අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයද ඊයේ ප්‍රතික්ෂේප විය.

Tiktok සඳහා අවශ්‍ය සේවා සපයන ඇපල්, ගූගල් සහ ඔරකල් වැනි සමාගම් අදාළ තහනම ක්‍රියාත්මක වීමෙන් පසුවත්, Tiktokවෙනුවෙන් සේවා සැපයුවහොත්, අදාළ සමාගම්වලට විශාල දඩ මුදලකට යටත් වීමට සිදු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ජෝ බයිඩන් පාලනය Tiktok සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට තීරණය කළේ, චීනය ඔත්තු බැලීම සඳහා Tiktok භාවිත කරන බවට චෝදනා කරමින් ය.

එසේ වුවද ලබන සඳුදා බලයට පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් රජය විසින් මෙම තහනම ඉවත් කරනු ඇති බවට විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීමට Tiktok සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරීයාටද ආරාධනා කිරිම විශේෂත්වයකි.