අද(17) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි 20% කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද(17) නිර්දේශ කළේ ය.
මහජන උපයෝගීතා කොමිසම අද(17) පෙරවරුවේ රැස්වී විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් නිර්දේශ තීරණය කළේ ය.
එම නිර්දේශ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ, කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතායි.
මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේ ය.
අමත්‍යාංශය සඳහන් කළේ, මහජන උපයෝගීතා කොමිමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම නිල වශයෙන් එම නිර්දේශ ලැබුණු පසුව මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව සිදු කිරීමට නියමිත බවයි.