නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ සඳහා වරාය අධිකාරිය, රේගුව ඇතුළු සියලු අංශ කැපවීමෙන් කටයුතු කළ බවයි.
එහි ප්‍රගතිය විමසා බැලීමේ තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දෛනිකව බහාලුම් 2000 ක් පමණ කොළඹ වරායට ළඟා වන බවයි.
ඒවා ගබඩා කිරීමේ ඉඩකඩ ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීම සඳහා කෙටි හා දිගු කාලීන වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කරන බවද ඔහු ප්‍රකාශ කළේ ය.