නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, මෙහෙයුම් කටයුතු භාරදීමට තීරණය කළ ඉන්දීය සමාගම මේ වනවිට අමෙරිකාව විසින් අසාදු ලේඛනගත කර ඇති බවයි.
එවැනි තත්ත්වයක් යටතේ ගුවන් තොටුපොළේ මෙහෙයුම් එම සමාගමට ලබාදීම ගැටලු සහගත වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙහෙහුම්වල ලාභය බෙදා ගැනීම සම්බන්ධ කොන්දේසිද රජයට අවාසි දායක බවයි.
ඒ අනුව අදාළ තීරණය අධ්‍යනය කර කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඉන් ලැබෙන නිර්දේශ මත ඉදිරි පියවර ගනු ඇති..
දැනට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු සිදු කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මේ වනවිට සතියකට එක් ගුවන් යානයක් පමණක් මත්තල ගුවන් තොටුපොළට ගොඩබස්වන බවයි