ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා ඇතුළු පිරිස දිළිඳුකම තුරන් කළ ගම්මානයක හා ඒ සඳහා පිහිටුවා ඇති මධ්‍යස්ථාන කිහිපයක සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි.
දිළිදුකම තුරන් කිරීම සඳහා කටයුතු කළ ප්‍රමුඛ රටක් ලෙස චීනය සැලකෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙලේද ප්‍රමුඛ අරමුණක් වන්නේ ග්‍රාමිය දිළිඳුකම පිටු දැකීම සඳහා වැඩසටහන් සංවිධාන කිරීමයි.
මේ අතර, ජනාධිපතිවරයාගේ චීන සංචාරයට සමගාමීව ඒකාබද්ධ නිවේදනයක්ද ඊයේ නිකුත් කෙරිණ.
එහි දැක්වුණේ කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඒකාබද්ධ සංවර්ධනය ඇතුළු සියලු ප්‍රධාන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට, ශ්‍රී ලංකාව හා චීනය එකඟතාව පළ කළ බවයි
චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ එරට අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාද හමුවිය.
චීන අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබුණේ, "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළට චීනයේ සහාය ලබාදෙන බවයි.