ගම්මැද්ද ගෙයින් ගෙට අදත් දිස්ත්‍රික්ක කිහිපයක

අපිරිසිදු වතුර නිසා වකුගඩු රෝගීන් වුණ මිනිස්සු සොයා ගිය ගම්මැද්ද.. ඔවුන් ඉල්ලනේ බොන්න පිරිසිදු වතුර බිඳක් නොවේද?

by Staff writer 17-01-2025 | 10:35 PM

COLOMBO  (News1st) - හැමදාම ඇහෙන්න පේන්න තිබුණාමත්, සමහර ප්‍රශ්න සාමාන්‍ය දේවල් විදියට සැලකෙනවා. විසඳුම් දීම පැහැර හැරෙනවා.අලි ප්‍රශ්නෙයි, වතුර ප්‍රශ්නෙයි දෙකම ඒවගේ.

පොළොන්නරුවේ, දිඹුලාගල කජුවත්ත ගම්මානයේ ගමේ හැමතැනම වකුගඩු රෝගීන්.

ප්‍රධානම හේතුව අපිරිසිදු වතුර කියලයි ගම්මු පවසන්නේ.

ගමේ පිරිසිදු ජල මූලාශ්‍ර නැහැ.

කජුවත්තේ පවුල් 1500 ටම මේ ප්‍රශ්නේ පොදු අතර ඔවුන් ඉල්ලන්නේ පොදු විසඳුමක්.

කිලිනොච්චි, වලයිපාඩු, කිරන්චි සහ වේරවිල් ගම්මාන තුනට යන්න තියෙන්නේ එක පාරයි.

පොඩි වැස්සටත් පාර යටවෙනවා.

මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් දිවි සරිකරගන්නේ ධීවර කර්මාන්තයෙනි.

හැබැයි දැන් ඒ කර්මාන්තෙනුත් සරුවක් නැහැ.

ඔවුන් කියන්නේ ඉන්දීය ධීවරයෝ මත්ස්‍ය අස්වැන්න කොල්ල කනවා කියලා.

මේ අතර යටියන්තොට, මීගස්තැන්න හරහා දැරණියගලට යන්න තියෙන පාර අවුරුදු 20 ක්ම බලධාරීන්ට පෙනිලා නැහැ.

එකම බස් එකත් එන්නේ මඟක් දුරක්.. එතන ඉදන් ගමන පයින්.

ප්‍රශ්නවලින් හෙම්බත් වුණ, ලැවන්ට්වත්ත, කන්දළුඔය ගම්මානවල ජනතාව ඉන්නෙත් ජීවිතේ ගැන කලකිරිලා.

තවද හම්බන්තොට, ගල්වැව ගමේ මිනිස්සු රැයක් එළි කරගන්නේ හිතේ ගින්දරෙනි.

ඒ, ගමෙට අලි පනින නිසා.

ගම්මු මේ අවට ගම්මානවලට යන්නේ කර කියා ගන්න දෙයක් නැතුව.

බැරගම, බැල්ලගස්වැව ගෙයින් ගෙට ගිය ගම්මැද්ද කණ්ඩායමටත්, මිනිස්සු තමන්ගේ ප්‍රශ්න කිව්වා.

ගෙයින් ගෙට ක්‍රියාන්විතයේ 10 වෙනි දවස හෙට.

හෙටත් මේ කණ්ඩායම් ජනතාව හමුවෙන්න සූදානම්.