COLOMBO (News 1st) - මන්නාරම මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, තවත් දෙදෙනෙකු තුවාල ලබා මන්නාරම රෝහලේ ප්රතිකාර ලබන බවයි.
අද උදෑසන 9.20 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තොලයකින් වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබේ.
එලෙස වෙඩි තැබීමට ලක්ව ඇත්තේ නඩු කටයුත්තකට සහභාගි වීමට පැමිණි පිරිසකි.