ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය දැක්වෙන ප්‍රදර්ශන ශාලාව ද නැරඹූ බවයි.
ඉන් පසු ජනාධිපතිවරයා නැරඹුවේ චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිගා කෞතුගාරයයි.
මේ අතර ජනාධිපතිවරයා අද(15) පස්වරුවේ චීන ජනාධිපති ශී ජිං පිං මහතා හමුවීමට නියමිතව ඇත.
බීජිං නුවර පිහිටි මහජන ශාලාවේදීයී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයද අද(15) පස්වරුවේ පැවැත් වෙනු ඇත.
සිව්දින නිල සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඊයේ(14) චීනයට ළඟා වුණි.
ඒ, චීන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි.
මෙම සංචාරයේදී තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට මෙන්ම ඉහළපෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට ද ජනාධිපතිවරයා එක්වීමට සැලසුම් කර තිබේ.
සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබෙනු ඇති.