ඒ, කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සලකමින් වීම විශේෂත්වයක්.
අද දිනය ලොවට කියාපාන්නේ කෘතගුණ සැළකීමේ ගුණාංගයේ අගයයි.
දෙමළ දින දසුනේ අවුරුද්දෙේ මුල් මාසෙ හඳුන්වන්නේ, තෛ ලෙසයි.
පොංගල් කියන්නෙ -උදාවීම- කියන තේරුමයි.
තෛපොංගල් යනු, නව වසර උදාවීමයි.
පළමු මාසයේ පළමු අස්වැන්න සූර්යයාට පුජා කර පවුලටත්, රටටත් සෞභාග්‍යය හා සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් මේ උත්සවයට එකතු වෙන්නෙ හරිම උනන්දුවෙනි.
හිමිදිරියේ අවදි වන ඔවුන් ආගමික වතාවත් අරඹයි.
අලුත් සහල්, අලුත් උක් ගසක පැණි, එළකිරි යෙදූ කිරිබත්,
කහ පිඩක් ද සමග සූර්ය දෙවියන්ට පූජා කිරීම තෛපොංගල් උත්සවයේ මූලික චාරිත්‍රයකි.
ඒ විතරක් නෙවෙයි, කිරි ඉතිරවීමේ චාරිත්‍රයත් මේ එක්කම ඉටු කරයි.
එයින් සංකේතවත් කරන්නේ පවුලේ අනාගත සෞභාග්‍යයි.
සොබාදහම එක්ක බද්ධ වෙලා පවත්වන පූජෝත්සව වලින් මේ තෛපොංගල් උත්සවයට ලැබෙන්නෙ ප්‍රමුඛ ස්ථානයකි.