සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමට නව පියවරක්

සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමට නව පියවරක්

by Hashini De Mel 14-01-2025 | 6:56 AM

COLOMBO ( News 1st ) - සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා පොලිස් නිළධාරීන්ට අමතරව පොලිස් විශේෂකාර්ය බලකාය ස්ථානාගත කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ඉදිරියේදි සංවිධානාත්මක අපරාධ බොහොමයක් අඩු වනු ඇති බවයි.

සංවිධනාත්මක අපරාධ වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශවල  ආරක්ෂාව තර කර ඇතැයි ද ඔහු සදහන් කළේ ය.