ඒ, තද සුළං ඇති විය හැකි බවට ද, අනාවැකි පළ කරමිනි.
පුද්ගලයින් 24 දෙනෙකුට දිවි අහිමි කළ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී ලැව්ගින්න මේ වනවිට තවත් උග්‍ර වෙමින් පවතී.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 23 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
අමෙරිකානු කාළගුණ බලධාරීන්ට අනුව ලැව්ගිනි තුනක් තවදුරටත් සක්‍රීයව ඇත.
ඉන් වැඩිම හානියක් සිදු වී ඇත්තේ පැලිසේඩ්ස් ප්රදේශයටයි.
එහි අක්කර 23,000 කට අධික ප්‍රමාණයන් විනාශ වී ඇති අතර මේ වනවිට ගින්නෙන් 14% ක් පාලනය කිරීමට එරට ගිනි නිවන හමුදා භටයින් සමත් වී තිබේ.
ලැව්ගිනි තත්ත්වයත් සමග පුද්ගලයින් ලක්ෂයකට වැඩි පිරිසකට නිකුත් කළ ඉවත් වීමේ නියෝග, තවදුරටත් ක්‍රියාත්මකයි.
12,000 කට වැඩි නිවාස ප්‍රමාණයක් ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, ඉන් ඉදිකිරීම් 7,000 ක් ම ලැව්ගින්නෙන් විනාශ වී තිබේ.
මේ අතර ගිනි අවදානමට ලක්ව ඇති අනෙකුත් දකුණු කැලිෆෝනියා ප්‍රාන්තවල ද ගිනි නිවන භටයින් පූර්ව ස්ථානගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.