ජනාධිපතිතුමා ඒ බව පැවසුවේ තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ලස්සන ජීවිතයක බලාපොරොත්තුව සිත් දරා නව වසරේ නව ජවයකින් ඉදිරියට යාමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදා වී ඇති බවත්, ඒ සඳහා තිරසර සාමය හා සමගිය ප්‍රවර්ධනය කිරීමට අවැසි ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික නායකත්ව වගකීම සහ වගවීම තමන් දරන බවයි.
රටේ ජනතාව වෙනුවෙන් ලබා දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට බාධක මැද වුවද පසුනොබස්නා වීර්යෙන් සහ සද්-අධිෂ්ඨානයෙන් කැප වී සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේය.
ජනාධිපතිවරයා සියලුදෙනාට ආරාධනා කරන්නේ මෙරට ජනතාවගේ මුවෙහි සදා රැඳෙන සිනහවක් තිළිණ කිරීම පිණිස වූ ව්‍යායාමයේදී නව ආකල්ප හිස් දරා එකාවන්ව සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් කටයුතු කිරීමටයි.