පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

මිදිගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි..

by Staff writer 14-01-2025 | 2:09 PM

COLOMBO (News 1st) - මිදිගම පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

පොලිසිය පැවසුවේ විදේශීය කාන්තාවකගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනා මත එම පියවර ගෙන ඇති බවයි.

පසුගිය 31 වැනිදා එම කොස්තාපල්වරුන් දෙදෙනා විදේශීය කාන්තාවකගෙන් රුපියල් පන් දහසක් මුදලක් අල්ලස් ලෙස ලබාගෙන තිබිණි.