එහිදී ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින්.
චීන හමුදාවේ උත්කර්ෂවත් උත්සවයකින් පිළිගැනීම සිදුකෙරුණා.
ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ, චීන ජනාධිපති ෂි ජින්පින්ග් මහතාගේ ආරාධනයකට අනුවයි.
හෙට (15) දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපතිවරයා හමුවන අතර එහිදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිත වේ.
ඉන් අනතුරුව චීන අග්‍රාමාත්‍යවරයා ඇතුලු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් සමග ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව සඳහන්.
තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම යන අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයක් ද, ජනාධිපතිවරයාගේ චීන සංචාරය ඇතුළත්.
ජනාධිපතිවරයා, එරට ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද, නියමිතයි.
මෙය, අනුර කුමාර දිසානායක මහතා, ජනපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරන දෙවැනි විදෙස් සංචාරයවේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටී.
අදින් ආරම්භ වූ සංචාරය අවසන් වන්නේ, ලබන 17 වැනිදායි.
චීන - ශ්‍රී ලංකා ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව වැඩිදියුණු කරගැනීමට ඒ හරහා අවස්ථාවක් ලැබෙනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.