ඊයේ (12) පස්වරු 4.45 ට පමණ ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිටට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා තිබේ.
එම අවස්ථාවේ අදාළ ව්‍යාපාරිකයා තම ගේට්ටුව අසලට පැමිණෙන අතර යතුරු පැදියේ පසුපස සිටි පුද්ගලයා ඔහුට වෙඩි තබන ආකාරයක් CCTV කැමරාවල සටහන්ව තිබිණි.
කෙසේවෙතත් පොලිසිය ප්‍රකාශ කළේ, මෙම අවස්ථාවේ එම ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බවයි.
නමුත් ගිනි අවියෙන් පිටතට විසිවුණු ජීව උණ්ඩය අදාළ පුද්ගලයා ආපසු රැගෙන යන අයුරුද කැමරාවේ සටහන්ව තිබිණි.
වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යතුරු පැදිය මඩකලපුව සිත්තාන්ඩි ප්‍රදේශයේ පුද්ගලයෙකගේ නමින් ලියාපදිංචි එකක් බවට අනාවරණයවී තිබේ.