එහි ප්‍රබලත්වය, මැග්නිටියුඩ් ඒකක 6.9 කි.
කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් ජපානයේ මියසාකි සහ කොචි ප්‍රාන්තවලට නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කළ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ ය.
භූ කම්පනයත් සමග ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පුරෝකතනය කළේ, මීටරයක් පමණ උස සුනාමි රළ ඇතිවිය හැකි බවයි
වෙරළ තීරයේ සහ ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාව, ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමේ නියෝග ද නිකුත් කර තිබිණි.
භූමිකම්පාව සැතපුම් 23ක් ගැඹුරින් සිදුවූ අතර එය ප්‍රධාන වශයෙන් නිරිතදිග කියුෂු කලාපයට බලපෑ බව සදහන්.
එරට දේශීය වේලාවෙන් රාත්‍රි 9.19ට මෙම භූ කම්පන තත්ත්වය හටගෙන තිබිණි.
භූ කම්පනයත් සමග ජපානයේ මියාසාකි ප්‍රදේශයට සෙන්ටිමීටර 20 ක් පමණ උස සුනාමි රළ පැමිණ තිබේ.
ජපාන රාජ්‍ය රූපවාහිනිය සඳහන් කළේ, කොචි ප්‍රදේශයට සෙන්ටිමීටර 10 ක් පමණ උස සුනාමි රළ පැමිණ ඇති බවයි.