ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වන්නේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයක් අනුවයි.
ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා අනුර කුමාර මහතා චීනයේ රැදි සිටී.
එම කාලය තුළ අනුර කුමාර දිසානායක මහතා, චීන ජනපති ෂී ජින් පිං, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමුවීමට නියමිතයි.
තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීමේ අරමුණෙන් ජනාධිපතිවරයා ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගි වීමට නියමිත අතර ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද සැලසුම් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙම සංචාරය අතරතුර දෙරට අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිත බවයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු සිදුකරන දෙවන විදෙස් රාජ්‍ය සංචාරය මෙය වීම විශේෂත්වයක්.