තවත් නාඩු සහල් තොගයක් ආනයනයට ඇනවුමක්

තවත් නාඩු සහල් තොගයක් ආනයනයට ඇනවුමක් - රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව

by Staff writer 12-01-2025 | 6:47 AM

COLOMBO (News 1st) - තවත් නාඩු සහල් මෙට්‍රික් ටොන් විසිදහස් අටසීයක තොගයක් ආනයනය කිරීමට ඇනවුම් කර ඇතැයි, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අවශ්‍යතාව මත එම සහල් තොග ආනයනය කරන බවයි.

ආණ්ඩුව ආනයනය කළ තවත් නාඩු සහල් කන්ටේනර් 150 ක් රේගුව මගින් නිශ්කාශනය කිරීමට නියමිත වේ.

ඒවායේ අඩංගු සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,900 ක්.

රජය ආනයනය කර බෙදාහැර ඇති මුලු සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් පන්දහස් දෙසීයක් පමණ වේ.

මේ දක්වා කාලය තුළ නිශ්කාෂනය කර ඇති මුලු සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හැටහත් දහස ඉක්මවන බව, ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ අතරට කැකුලු සහල් මෙට්‍රික් ටොන් 66,000 ක් සහ තැම්බූ සහල් ටොන් එක් ලක්ෂ 1,000 ක්, ඇතුළත්.

සහල් ආනයනයට දුන් කාලසීමාව, පෙරේදා (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.