අළුත් දිවුල් වැවේ ජල කාන්දුව වසා දැමේ...

ගලෙන්බිඳුනුවැව අළුත් දිවුල් වැවේ ජල කාන්දුව වසා දැමේ...

by Staff writer 12-01-2025 | 6:54 AM

COLOMBO (News 1st) - ගලෙන්බිඳුනුවැව අලුත් දිවුල් වැව, වැව් බැම්මේ සිදුවූ ජල කාන්දුව මේ වන විට සම්පූර්ණයෙන් නතර කර ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒ සමගම පැවති අවදානම් තත්ත්වය පහව ගොස් ඇති බවයි.

අලුත්දිවුල්වැව, ගලෙන්බිඳුණුවැව පිහිටි දෙවැනි විශාලතම වැව මෙය වේ.

අක්කර අඩි 7000 ක වපසරියකින් සමන්විත එම වැව යටතේ යල - මහ දෙකන්නයේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය, අක්කර 400 ක්.

එහි වැව් බැම්මේ හටගත් සිදුරකින් ජලය කාන්දු වීමත් සමග පවුල් 49 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරිණි.

මෙම කන්නයෙන් අනතුරුව එම වැව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරන බව, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ ය.