COLOMBO (News 1st)-සහල් ආනයනයට අවසර දුන් කාලය තුළ නිශ්කාෂනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ඒ අතරට කැකුළු සහල් ටොන් 66,000ක් සහ තැම්බූ සහල් ටොන් 101,000 ක් ද ඇතුළත් ය.
සහල් ආනයනයට දුන් කාලසීමාව ඊයේ මධ්‍යම රාත්‍රි 12.00 ට අවසන් විය.
කෙසේ වෙතත් සහල් මෙට්‍රික් ටොන් 8000ක් රැගත් නෞකා දෙකක් වරාය ආශ්රිත මුහුදේ නැංගුරම් ලා තිබේ.
ඒවා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ රජය තීරණයක් ගත යුතුව ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේ ය.