පස්සර බස් අනතුර ගැන අලුත්ම අනාවරණය

පස්සර දී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ කොන්දොරස්තර, පරීක්ෂණවලින් හෙළිවෙයි

by Staff writer 11-01-2025 | 6:28 PM

COLOMBO (News 1st) - පස්සර 10 කණුව ප්‍රදේයේදී අනතුරට ලක්වූ බස් රථය කොන්දොස්තරවරයා විසින් ධාවනය කර ඇති බවට අනාවරණ වී තිබේ.

පොලිසිය පැවසුවේ, ඔහුට රියදුරු බලපත්‍රයක් ද නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බව, පොලිසිය පැවසුවේ ය.

පස්සර 10 කණුව ප්‍රදේශයේ සිදුවූ එම බස් රථ අනතුරින් තුවාල ලැබූ 04 දෙනෙකු තවදුරටත් පස්සර රෝහලේ ප්‍රතිකාර ලබයි.

පොලිසිය පැවසුවේ, ඒ අතර 7 හැවිරිදි පිරිමි දරුවෙකු වන බවයි.

අද උදෑසන 6ට පමණ එලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පස්සර බලා ධාවනයවූ බස් රථයක්.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිට ඇති මගීන් සංඛ්‍යාව 15ක්.