ඒ , වැව් බැම්මේ හටගත් සිදුරකින් ජලය කාන්දුවීමත් සමඟ ඇතිවු අවධානම හේතුවෙන් ය.
ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් සේනක වීරසිංහ මහතා සඳහන් කළේ, වැව් බැම්මේ සිදුර ආවරණය සඳහා මේ වනවිටත් වැලි කොට්ට අතුරමින් සිටින බවයි.
ඒ , යුද හමුදාවේ මැදිහත්වීමෙන් ය.
වැවේ ජල ධාරිතාව මේ වන විට අක්කර අඩි 7000 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ ය.
වැව් බැම්මේ හටගෙන ඇති අවදානම අඩු කිරීම සඳහා මේ වනවිට පිටවානට අමතරව වැවේ ස්ථාන කිහිපයකින් ජලය මුදා හැරීම ආරම්භ කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර , වාරමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ , අළුත්දිවුල්වැවේ බැම්මේ හටගෙන ඇති සිදුර පරීක්ෂා කර අවශ්‍ය පිළියම් යෙදීම සම්බන්ධයෙන් තාක්ෂණික කණ්ඩායමක් අද උදෑසන එම ස්ථානයට යන බවයි.
පවතින තත්ත්වය හමුවේ අළුත්දිවුල්වැව පාසලට ද ඊයේ නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබුණි.
මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ජයනත් සිල්වා මහතා ප්‍රකාශ කළේ, වැව් බැම්ම බිඳි යාමේ අවදානම අවම කිරීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇති බවයි.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානය නිරීක්ෂණයට අද පෙරවරුවේ එහි ගියේ ය.