කොග්ගල රිටි පන්න ධීවරයින්ට අත්වුණු ඉරණම...

ගම්මැද්දට දුක කිව්ව කොග්ගල රිටි පන්න ධීවරයින්ට අත්වුණු ඉරණම...

by Staff writer 11-01-2025 | 7:35 PM

COLOMBO (News 1st) - මේ සංචාරකයින්ගේ පාරාදීසයක් වුණ ගාල්ලේ කොග්ගල රිටි පන්න ධීවර ගම්මානය.

මාළු අල්ලලා, ජීවත් වුණු මේ අය දැන් ජීවත් වෙන්නේ රස්සාව කරන හැටි සංචාරකයින්ට පෙන්නලා.

තහනම් පන්න ක්‍රම කොග්ගල රිටි පන්න ධීවරයින්ගේ රස්සාවට හරස්වෙලා.

තහනම් පන්න ක්‍රමවලට බාධාවක් නැති නිසා තමයි ධීවරයින්ට මේ කලදසාව උදාවෙලා ඇත්තේ.

ධීවරයෙක් 
''පොඩි මාළු දැන් එන්නේ නැහැ, තහනම් පන්න ක්‍රම නිසා තමයි මේ විනාශ වෙලා තියන්නේ. දැන් මේ දවස්වල ධීවර කර්මාන්තය ඇත්තටම ඇත්තේ නැහැ. අද වෙනකොට මේ වෘත්තීය අපිට එපාවෙලා තියන්නේ. තහනම් පන්න ටික නතර කරනවානම් මේක තමයි අපේ රස්සාව''

අනුන්ට අතනොපා ජීවත් වෙන්න රටේ ආර්ථිකය හැදෙන්න ඕනි කියලා තමයි මේ ධීවරයෝ කියා සිටින්නේ.

මේ ප්‍රශ්නය හඳුනාගැනුනේ ගම්මැද්ද කණ්ඩායම කොග්ගල රිටිපන්න ධීවර ගම්මානයේ ගෙයින් ගෙට ගිය අවස්ථාවේ.

ඔවුන් අද (11) හබරාදූව, මොරන්පිටිගොඩ, මඩොල්දූව සහ ඇල්පිටිගල ආදී ගම්මානවල ජනතාවත් හමුවිය.

නුවරඑළිය දිස්ත්‍රික්කයට ගිය කණ්ඩායම වලපනේ අවට ජනතාව හමුවෙලා ඔවුන්ට සවන් දුන්නා.

වලපනේ වැරැල්ල පතන නව ගම්මානය, නිල්දණ්ඩහින්න සහ දඹේකැලේ ගම්මානවලටත් ගියා.

යාපනය දිස්ත්‍රික්කයට ගිය කණ්ඩායම ගෙයින් ගෙට ඇවිද ගියේ සංගානෙයි, පාණ්ඩවෙට්ටෙයි ගම්මානයටයි.

තමන් ගත කරන ජීවිතය ගැන ජනතාව විස්තර සඳහන් කළා.

ඊට පස්සේ කණ්ඩායම ගියේ තිරුවඩිනිලෙයි,  සන්දිප්පායි,, ඉලවාලෙයි උයරපුලම් ගම්මානවලට.

අනුරාධපුරයේ කණ්ඩායම අදත් ගම්මාන ගණනාවකට ගිහින් මිනිස්සු හමුවුණා.

අද පස්වරුවේ ඔවුන් ගියේ  කට්ටුවාගම, ඉහළමිල්ලවැව, ඌරකොටේ ගම්මානවලට.

හෙට ගෙයින් ගෙට ක්‍රියාන්විතයේ 04 වැනි දවස.