එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රාජාංගනය, මහකනදරාව, මහ විලච්චිය, නුවර වැව, නාච්චාදූව , සොරබොර , කවුඩුල්ල වැනි වැව් ඒ අතර වන බවයි.
වැසි වැඩිවුවහොත්, එම ජලාශවල වාන් දමන ජල ධාරිතාව තවදුරටත් ඉහළ යා හැකි බවද, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර, තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානෙවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි.
ඊසාන දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන්, උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් අපේක්ෂා කරන බවද කාලගුණ අනාවැකියේ සඳහන්.
මේ අතර, ගාල්ල සිට කොළඹ පුත්තලම කන්කසන්තුරය , ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද සුළං හා රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශ විටින් විට රථ විය හැකි බවයි.
ඒ පිළිබඳ විමසිලිමත්වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට උපදෙස් දෙයි.
මුලතිව් සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල මුහුුදු රල උස ඉහළ යා හැකි බව ද, කාලගුණ අනාවැකියේ දැක්වේ.