විදුලි බිල සංශෝධනයට අදත් මහජන විමසීම්...

විදුලි බිල සංශෝධනය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය ලබන 17 වැනිදා..

by Staff writer 10-01-2025 | 10:24 AM

COLOMBO (News 1st) –විදුලිබිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන් වෙයි.

අද දිනයේ බස්නාහිර පළාතේ මහජන අදහස් ලබා ගැනීමට නියමිතයි.

කොළඹ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේදී මහජන අදහස් ලබාගැනීම සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

ඒ සඳහා ලියාපදිංචි වී සිටින සංඛ්‍යාව 70 කට අධිකයි.

පළාත් 8 ක මහජන අදහස් විමසීම මේ වනවිට අවසන් කර තිබේ.

මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ලබන 17 වැනිදා විදුලි බිල අඩු කිරීමේ තීරණය ප්‍රකාශට පත් කරන බවයි.