විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද

විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට

by Staff writer 09-01-2025 | 6:29 AM

COLOMBO (News 1st) - 2025 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද(09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව මේ වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව ලබන මස 17 වැනි දා සිදු කිරීමට නියමිත බවයි.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ලබන මස 18 වැනි දා සිට 25 දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 9.30ට කතානායකවරායගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.