ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන අද ඇරඹෙයි

ජනතා ගැටලු සොයා යන ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන අද ඇරඹෙයි

by Staff writer 09-01-2025 | 7:25 AM

COLOMBO (News 1st) - අවුරුදු දහයකට අධික යුග මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන අද(09) ආරම්භ විය.

අද දිනය පුරා අපේ කණ්ඩායම් 4ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින්ගේ ද සහයෝගය ඇතිව ගම්මාන රැසක සංචාරය කිරීමට නියමිතයි.

කැපිටල් මහරාජා සමූහයේ හිටපු සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා විසින් සංකල්පයක් ලෙස පණ දුන් ගම්මැද්ද ව්‍යාපෘතියේ දර්ශනය නම් 'දත්ත හරහා සත්‍යය.. සත්‍යය හරහා ක්‍රියාවයි'.

ඒ අනුව දත්ත සොයා යෑම ගම්මැද්දේ මූලබීජයයි.

සෑම අවුරුදද්දකම පැවැත්වෙන - ගෙයින් ගෙට ක්‍රියාන්විතයෙන්  සිදු වෙන්නේ, ගම්මැද්ද කණ්ඩායම් මාසයක පමණ කාලයක් අඛණ්ඩව, ඉතාමත් දුෂ්කර දුරබැහැර ගම්මානවලට ගිහින් ජනතාව හමුවීම සහ ඔවුන්ට හොඳින් සවන් දී ඒ කරුණු වාර්තාගත කිරීමයි.

ඒ අනුව ගම්මැද්ද කණ්ඩායම් 4ක් අද යාපනය, නුවරඑළිය, අනුරාධපුර හා කළුතර යන දිස්ත්‍රික්කවල සංචාරය කරනු ඇත.