ඒ බදුල්ල බන්ධනාගාරය මගින්.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව නිදහස් වු පුද්ගලයෙකු පිළිබඳ සැක බවට ඇල්ල පොලිස් ස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ පසුගිය 06 වැනිදා රාජකාරී නිමා කොට පිටව යන අතරතුරදී එම බන්ධනාගාර නියාමකවරයා මෙම පහරදීමට ලක්ව ඇති බවයි.
පුද්ගලයින් 04 දෙනෙකු විසින් තියුණු ආයුධයකින් හා හෙල්මටයකින් පහරදීම සිදු කර ඇත.
බරපතල තුවාල ලැබූ නියාමකවරයා මේ වන විට පොලිස් ආරක්ෂාව හා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.