රේගුව පැවසුවේ, ඔහු සිය ගමන් මල්ලේ සඟවා මෙම කොකේන් තොගය මෙරටට රැගෙන ඒමට තැත් කර ඇති බවයි.
සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 759 කි.
අත්අඩංගුවට ගත් 66 හැවිරිදි බොස්නියානු ජාතිකයා කොලොම්බියාවෙන් ගමන් ආරම්භ කර කටාර් රාජ්‍යයේ දෝහා හරහා අද(08) අලුයම දිවයිනට පැමිණි ඇති බව රේගුව සඳහන් කළේ ය.
සැකකරු හා කොකේන් තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාර දී තිබේ.