COLOMBO (News 1st) - ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව දුම්රිය ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු අද(07) ආරම්භ විය.
කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් ප්‍රධාන වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ වුණි.
දිවයින පුරා තවත් දුම්රිය ස්ථාන 100ක් ආශ්‍රිතව ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.
දුම්රිය අංගන, වේදිකා සහ දුම්රිය මැදිරි පවිත්‍ර කිරීම ද ඊට සමගාමීව සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ සඳහා දෙපාර්තමේන්තු සාමාජිකයින්, ස්වේච්ඡා සංවිධාන ඇතුළු පිරිසකගේ දායකත්වය ලබා ගනු ඇති.
තව ද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු අද සිදු කෙරුණි.
ඒ, උපකුලපති මහාචාර් ය එච්. ඩී. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ සඳහා අනධ්‍යන නිලධාරීන් ඇතුළු සේවකයන් රැසක් එක්ව සිටියහ.