ස්ටාර් ලින්ක් අන්තර් ජාල පැකේජවලට TRCL අනුමැතිය...

ස්ටාර් ලින්ක් අන්තර් ජාල පැකේජවලට TRCL අනුමැතිය...

by Staff writer 07-01-2025 | 10:11 PM

COLOMBO (News 1st) - ස්ටාර් ලින්ක් ලංකා ප්‍රයිවේට් ලිමිටඩ්  හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘ස්ටාර් ලින්ක් ’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ.

ඒ අනුව, අවමය මාසයකට රුපියල් 9,200 සිට උපරිමය රුපියල් මිලියන 1.8 ක් දක්වා වන පැකේජ 5කට අනුමැතිය ලැබී ඇතැයි සඳහන්.

2025 ජනවාරී මස 29 වන දින සිට ශ්‍රී ලංකාවේ දුරකථන ජාලවල සක්‍රීය නොකරන, කොමිසමේ  අනුමැතිය නොමැති ජංගම දුරකථනවල සක්‍රීයත්වය අවහිර කරන බව ද කොමිසම ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ ලබන ජනවාරී 28 ට පෙර මෙරට දුරකථන ජාල සමග සම්බන්ධ කරන දුරකථන සඳහා මෙම සීමාව අයත් නොවන බවයි.