හදිසියේ අත්හිටවූ ප්‍රශ්න පත්‍රය...

හදිසියේ අත්හිටවූ ප්‍රශ්න පත්‍රය...

by Staff writer 06-01-2025 | 4:33 PM

COLOMBO (News 1st) - උතුරු මැද පළාතේ 11 වැනි ශ්‍රේණිය තුන්වන වාර පරීක්ෂණයේ අදට (06) නියමිත විභාගය අවලංගු කර තිබේ.

උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසුවේ, අදට නියමිත සිංහල සාහිත්‍ය විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

ප්‍රශ්න පත්‍ර පිටවීමට අදාළව පරීක්ෂණ ක්‍රියාත්මක බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසුවේය.

ඉදිරි දිනකදී එම විෂයට අදාළ විභාගය පැවැත්වෙන බවත් ඔහු සඳහන් කළේ ය.

මීට පෙර උතුරු මැද පළාතේ 6 වැනි ශ්‍රේණිය සඳහා වන භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍රය පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.