මනූෂ නානායක්කාරගේ සොහොයුරා තවදුරටත් රිමාන්ඩ්

මනූෂ නානායක්කාරගේ සොහොයුරා තවදුරටත් රිමාන්ඩ්

by Staff writer 06-01-2025 | 3:02 PM

COLOMBO (News 1st) - හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර නානායක්කාර මහතා ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එම නියෝගය කළේ, ගම්පහ මහේස්ත්‍රාත් සිලනී පෙරේරා මහත්මිය විසිනි.

ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර නානායක්කාර නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

සැකකරුගේ මෙම ජාවාරමට තවත් පුද්ගලයන් සහාය දක්වා ඇති ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් තිසර නානායක්කාර මහතා අද (06) අධිකරණයට ඉදිරිපත් කර නොකළේ ය.