අතිපූජ්‍ය බානගල උපතිස්ස හිමිගේ 75 වන ජන්මාභිෂේකය..

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ 75 වන ජන්මාභිෂේක පුණ්‍යෝත්සවය..

by Staff writer 05-01-2025 | 10:27 PM

COLOMBO (News 1st) -

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ 75 වන ජන්මාභිෂේක පූණ්‍යෝත්සවය අද පෙරවරුවේ පැවැත්විණ.

ඒ, ශ්‍රී ලංකා මහා බෝධි විහාරයේදී ය.

මහබෝධි අග්‍රාශාවක විහාරාධීශ්වර, ජපානයේ ලංකාජි විහාරය , ඉන්දියාවේ ශාන්ති චේතිගිරි විහාරය මෙන්ම සපුගස්කන්ද අබේසේකරාරාමය යන විහාරයන්හි අධිපති ,ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ,සහා  සාන්චි බෞද්ධ විශ්වවිද්‍යාලෙයේ නිර්මාතෘ වන ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ 75 වන ජන්මාභිෂේක පුණ්‍යෝත්සවය මෙලෙස අද පැවැත්වුණ.

අතිපූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ 75 වන ජන්මාභිෂේක පුණ්‍යෝත්සවය අද පැවැත්වුණේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි ශාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක , ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් ඇතුළු මහා සංඝථරත්නයේ සහභාගීත්වයෙන් ය.

විදෙස් තානාපතිවරුන් , දේශපාලඥයින් ඇතුලු බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.