වසරේ ගතවූ දින 4 තුළ මී උණ මරණ 2ක්

වසරේ ගතවූ දින 4 තුළ මී උණ මරණ 2ක්

by Staff writer 05-01-2025 | 8:14 AM

COLOMBO (News 1st) - වසරේ ගතවූ දින 4 තුළ මී උණ මරණ දෙකක් වාර්තා වී තිබේ.

ඒ, යාපනයේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, යාපනය දිස්ත්‍රික්කයෙන් මේ වන විට මී උණ මරණ 9 ක් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව පසුගිය වසරේ වාර්තා වූ සමස්ත මී උණ මරණ සංඛ්‍යාව, 203 ක්.